හල්දුම්මුල්ලේ තවත් අලියෙක් වෙඩි තබා මරා දමයි .

හල්දුම්මුල්ලේ තවත් අලියෙක් වෙඩි තබා මරා දමයි .

 

පසුගිය මාස කිහිපය තුළ හල්දුම්මුල්ල ප්‍රදේශයේ දිගින් දිගටම වන අලි 21 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඝාතනය කිරීම සිදු විය . එහි ආසන්නම සිදුවීම මීට දින දෙකකට පෙර (1) දා මහලන්ද ග්‍රාමසේවා වසම තුළ සිදුව ඇත.

මෙම අලියාට ස්වැයැංක්‍රීය T 56 ගිනි අවියකින් වෙඩිතබා ඇතිබව වාර්තා වේ. එහෙත් ගල්කටස් අවියකින් වෙඩිතබා මෙම ඝාතනය සිදුකර ඇති බවට වාර්තා කිරීමට වගකිවයුතු පාර්ශව උත්සහගානිමින් සිටිනා ප්‍රදේශවාසීහු පෙන්වා දෙති .

මෙම ඝාතනයට සැකකරනා පුද්ගලයා ප්‍රබල දේශපාලන පසුබිමක් සහිත අයෙක් බවත් ඔහු දේශපාලන බලය අතට ගෙන මේ ආකාරයේ අපරාධ සිදුකරනා බවත් ඕවුහු පවසති . 

මෙම ප්‍රදේශයේ වන අලි ඝාතනය කිරීම් සඳහා බලපෑ  ප්‍රධාන හේතුව බවට පත් වූයේ දීර්ඝ කාලයක් තිස්සේ දහයියාගල අලිමංකඩ ආශ්‍රිතව අලි ජීවත්වූ වනරක්ෂිත ප්‍රදේශය අදවන විට ජාවාරම්කරුවන් සුළු කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමයි.

අලි 21 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කලක් තුළ ඝාතනය කරද්දී ඒ පිළිබඳ වගකිවයුතු ආයතන  වන වනජීවී දෙපාර්තමේන්තුව හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඬ්ව පසුවීම අදහාගත නොහැකි තත්ත්වයකි .

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.