"කොටියෙකු නැති වනයක් යනු වනයක් නොව, එහි ජීව විද්‍යාත්මක සමතුලිතතාවය බිඳ වැටීමට ආරම්භ වී ඇති පරිසර පද්ධතියකි."
සෑම වසරකම ජූලි 29 දින ලොව පුරා ලෝක කොටියන්ගේ දිනය සමරනු ලබන්නේ, ලෝකයේ කොටි සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු කිරීම සඳහාය. වසර සියයකට පමණ පෙර ලොව පුරා කොටි ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටි බවට ඇස්තමේන්තු කර තිබුණද, වර්තමානයේ වන ගහනය ඊට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතී. විවිධ රටවල ක්‍රියාත්මක වූ සංරක්ෂණ වැඩසටහන් හේතුවෙන් කොටි සංඛ්‍යාව සමහර ප්‍රදේශවල යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, ඔවුන්ගේ අනාගතය තවමත් සුරක්ෂිත යැයි කිව නොහැක.
ශ්‍රී ලංකාවේ සැබෑ කොටියන් (Tiger) ජීවත් නොවුවද, මෙරට ජනතාව "කොටියා" ලෙස හඳුන්වන්නේ දිවියාය. එම නිසා මෙම ලිපියේ "කොටියා" යන්නෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ ඉහළම විලෝපිකයා වන ශ්‍රී ලංකා දිවියායි.
ශ්‍රී ලංකාවේ කොටියා කවුද
ශ්‍රී ලංකා දිවියා යනු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික උපවිශේෂයකි. ලොව පුරා සිටින දිවියන් අතර විශාලතම සහ ශක්තිමත්ම උපවිශේෂ කිහිපයෙන් එකක් ලෙසද සැලකේ. ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයේ ඉහළම විලෝපිකයා වන්නේද මේ සත්වයාය. සිංහයන්, වෘකයන් හෝ කොටි නොමැති බැවින් ආහාර දාමයේ මුදුනේ සිටින විලෝපිකයා ලෙස දිවියාගේ කාර්යභාරය අතිශය වැදගත්ය.
දිවියාගේ ප්‍රධාන ආහාර වන්නේ,මුවන්,ගෝනන්,වල් ඌරන්,වඳුරන්,මීමින්නන්
හාවන්,මොණරුන් හා ක්ෂීරපායීන්ය.මෙම සතුන්ගේ ගහනය ස්වාභාවිකව පාලනය කිරීම මගින් වනයේ ශාක වර්ධනය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරයි.විලෝපිකයා ඉවත් වුවහොත්, ශාක භක්ෂක සතුන් අධික ලෙස වර්ධනය වී වනාන්තරය විනාශ වීමට පවා හේතු විය හැකිය.
ශ්‍රී ලංකාවේ කොටි මුහුණ දෙන ප්‍රධාන තර්ජන
1. මිනිසා සමඟ ගැටුම්
වනය කුඩා වීමත් සමඟ දිවියන් මිනිස් ජනාවාස වෙත පැමිණේ.,එහිදී,ගවයන්,එළුවන්,බල්ලන්දඩයම් කිරීම නිසා ගම්වැසියන්ගේ විරෝධයට ලක් වේ.බොහෝ විට එම ප්‍රතිචාරය වන්නේ, එම සතුන්ට,වස දැමීම
උගුල් ඇටවීම,වෙඩි තැබීම,යන ක්‍රියාමාර්ගයි.
2. මල උගුල්
ශ්‍රී ලංකාවේ දිවියන්ගේ විශාලතම මාරකය වන්නේ මල උගුල්ය.වල් ඌරන් හෝ මුවන් සඳහා අටවන වානේ කම්බි උගුල්වලට දිවියන්ද හසුවෙයි.එහිදීකකුල් කැපී යාම,දරුණු ආසාදන,දින ගණනක් වේදනා විඳීම කුසගින්නේ මිය යාම සිදුවේ.බොහෝ අවස්ථාවල මිය යන්නේ උගුල නිසා නොව, එයින් ගැලවිය නොහැකිව කුසගින්නේ හෝ ආසාදන හේතුවෙනි.

මල උගුලකට හසු වී මියගිය කොටියෙක්
3. වාසස්ථාන ඛණ්ඩනය
මාර්ග, වගා බිම්, සංචාරක පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති නිසා වනාන්තර කැබලිවලට කැඩී යයි. මෙය,දිවියන්ගේ සංක්‍රමණය,ප්‍රජනනය,ජාන හුවමාරුව සීමා කරයි.මේ හේතුවෙන් ,කුඩා ජනගහනයක් දිගුකාලීනව ජානමය දුර්වලතාවයට පත්වීමේ අවදානමද වැඩි වේ.
4. මාර්ග අනතුරු
අධිවේගී මාර්ග නොවුවද, වනාන්තර හරහා ගමන් කරන ප්‍රධාන මාර්ගවල වාහන ගැටීමෙන් දිවියන් මිය යන අවස්ථා වාර්තා වී ඇත.විශේෂයෙන් රාත්‍රී කාලයේ මෙම අවදානම ඉහළය.
5. නීති විරෝධී දඩයම්
දිවියාගේ,සම,දත්,නිය,අස්ථි වැනි කොටස් නීති විරෝධී වෙළඳාම සඳහා භාවිතා කිරීමට උත්සාහ කරන අවස්ථාද වාර්තා වී ඇත.
6. දේශගුණික විපර්යාස
දිගු නියඟ,ජල හිඟය,ගොදුරු සතුන්ගේ අඩුවීම,ලැව්ගිනි,වැඩි කරයි.එවිට දිවියන්ට ආහාර සෙවීම සඳහා මිනිස් ජනාවාස වෙත පැමිණීමට සිදු වේ.
සංචාරක කර්මාන්තයත් තර්ජනයක් විය හැකිද?
වගකීමකින් තොර සංචාරක හැසිරීම්ද දිවියන්ට අහිතකරය. උදාහරණ ලෙස,
වාහන වලින් දිවියන් පසුපස හඹා යාම, ශබ්ද නඟා සතුන් කැඳවීම,වාහන වටකර ගැනීමආහාර ලබාදීම,මෙවැනි ක්‍රියා ඔවුන්ගේ ස්වාභාවික හැසිරීම වෙනස් කරයි.
ජනතාවගේ වැරදි මත
බොහෝ දෙනා සිතන්නේ දිවියා මිනිසා දඩයම් කරන සතෙකු බවය.නමුත් විද්‍යාත්මක නිරීක්ෂණ පෙන්වන්නේ දිවියා සාමාන්‍යයෙන් මිනිසා මඟහැර යන සතෙකු බවයි. ඔහු ප්‍රහාර එල්ල කරන්නේ,කොටු වූ විට,තුවාල වූ විට හා තම පැටවුන් ආරක්ෂා කිරීමේදී පමණි.

ශ්‍රී ලංකාවේ කොටි සංරක්ෂණය සඳහා අවශ්‍ය දේ
අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැදගත් පියවර කිහිපයක්:
මල උගුල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම.වනජීවී නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.වනාන්තර සම්බන්ධ කරන පාරිසරික කොරිඩෝ (Wildlife Corridors) ආරක්ෂා කිරීම.දිවියා ජීවත් වන ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම.
විද්‍යාත්මක පර්යේෂණ සහ කැමරා උගුල් (Camera Traps) භාවිතයෙන් ජනගහනය නිරීක්ෂණය කිරීම.
වගකීම් සහිත වන සංචාරක කළමනාකරණය.
තුවාල වූ දිවියන් සඳහා කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර හා ගලවා ගැනීමේ කණ්ඩායම් ශක්තිමත් කිරීම.
කොටියෙකු නැති වනයක් – අසමතුලිත පරිසරයක්
ශ්‍රී ලංකා දිවියා යනු සුන්දර සතෙකු පමණක් නොවේ. ඔහු වනාන්තරයක සෞඛ්‍යය මනින ජීව විද්‍යාත්මක දර්ශකයකි. දිවියා ආරක්ෂා කිරීම යනු එක් සත්ව විශේෂයක් පමණක් ආරක්ෂා කිරීම නොව, ඔහු සමඟ ජීවත් වන ශාක, සතුන්, ජල මූලාශ්‍ර සහ සමස්ත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමයි.
ලෝක කොටියන්ගේ දිනයේදී අප ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි ප්‍රබලම පණිවිඩය වන්නේ මෙයයි:
"කොටියා ජීවත් වන තාක් වනය ජීවත් වේ. වනය ජීවත් වන තාක් මිනිසාගේ අනාගතයද සුරක්ෂිත වේ."
අපගේ වනාන්තරවල නිහඬ අධිරාජයා වන ශ්‍රී ලංකා දිවියා රැක ගැනීම, ස්වභාවධර්මයට ඇති අපගේ වගකීම පමණක් නොව, ඉදිරි පරපුරට අප උරුම කර දිය යුතු ජාතික වගකීමකි.
නයන සන්ජීව.