බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් 4900 ප්‍රවාහනය කල දෙදෙනෙක් අත්අඩංගුවට .

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් 4900 ප්‍රවාහනය කල දෙදෙනෙක් අත්අඩංගුවට .

 

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ මුහුදු කූඩැල්ලන් 4,900 ක් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව ඇත .  

පසුගිය අඟහරුවාදා (04)  උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ''බුවනෙක'' විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම  අය්හ් අඩංගුවට ගැනීම සිදුකර ඇත . 

ඉලුප්පු කඩවායි අන්තෝනිය පුරම් වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුරදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කෙරිණි.  එහිදී, නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් සිටි එම මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගන්නා ලදී.

සැකකරුවන් අවුරුදු 33ක් සහ 39ක් වන ඉලුප්පු කඩවායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. එම සැකකරුවන් දෙදෙනා මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.