කුරුණෑගල වනජීවී සහකාර අධ්‍යක්ෂ බලප්‍රදේශයේ වන අලින්ට හා අනෙකුත් වන සතුන්ට පීඩාවට පත්කරනා හක්කපටස් , මදු හා බදින කඳන් ඇතුලු නීතිවිරෝධී ගිණිඅවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පසුගිය 06 හා 07 යන දෙදින තුළ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ග්‍රාම සේවා වසම් 3 ක දී සාර්ථක ලෙස සිදු විය .
වනජීවි නිලධාරීන් ,සිවිල් ආරක්ෂක නිලධාරීන් හා විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් 60 කට ආසන්න පිරිසක් එක්ව සිදු කරන ලද මෙම මෙහෙයුමේදී වැව් පිටි හා ලදු කැලෑ ආශ්‍රිතව ස්ථාන ගත කර තිබූ මදු,හක්කපටස් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වීම කැපේ පෙනෙන ජයග්‍රහනයක් බව පරිසඑඅ වේදීහු පවසති .
මෙම මෙහෙයුමට සමගාමීව වැටලීම් කිහිපයක්ද සිදුකළ අතර එම වැටලීම්වලදි නීති විරෝධී ගිනි අවි,හක්කපටස් ,මදු,දඩ මස් සහ සත්ව කොටස් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් කිහිප දෙනෙක් අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි . ඉදිරියේදි මේ ආකාරයේ මෙහෙයුම් වන අලින් සැරිසරන අනෙකුත් ප්‍රදේශවලද සිදුකිරීමට සැලසුම් කර ඇතිබව වාර්තා වේ..