වනජීවී පශු වෛද්‍යවරුන්ගේ 'නීතියට වැඩ කිරීමේ' ව්‍යාපාරය හේතුවෙන් 'කාවන්තිස්ස' අලියාට ප්‍රතිකාර කිරීම අඩාල විය හැකි බවට පරිසරවේදීන් බිය පළ කරති. වනජීවී ආරංචි මාර්ග පවසන්නේ අලියාට ප්‍රතිකාර කිරීම ඊයේ ආරම්භ වී අදත් අඛණ්ඩව සිදු වූ බවයි.
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරූ 'කාවන්තිස්ස' අලියාට විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් ඊයේ ප්‍රතිකාර ආරම්භ කළ බවයි පරිසර අමාත්‍යාංශය වාර්තා කරන්නේ. අලියාගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් අද (25) ප්‍රතිකාර අඛණ්ඩව සිදු කෙරෙන බව අමාත්‍යාංශය තවදුරටත් පවසයි.
ඊයේ (24) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙන්ම පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරීන් විසින් අලියාට ප්‍රතිකාර කරන ලදී.
වර්ෂාපතනය වැනි අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දී සිටියද, 'කාවන්තිස්ස' අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.