අලි-මිනිස් ගැටුම හේතුවෙන් මව, පියා හෝ භාරකරු අහිමිවූ විට එම පවුල්වල සිටින පාසැල් යන වයසේ දුවා දරුවන්ට දැඩි ආර්ථික අපහසුතා වලට මුහුණදීමට සිදුවෙනවා. එවැනි කුඩා දරු දැරියන්ට තමන්ගේ පාසැල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට සහයක් වශයෙන් ‘ගජ නැණ සහන’ නමින් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් අපේ රට තුළ ක්‍රියාත්මක වෙයි .
ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) මගින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භකළේ 2024 වසරේදීය . මේ වන විට ප්‍රතිලාභීන් තිස් අට දෙනෙකුට මෙම වැඩසටහන මගින් මසකට රුපියල් 3000 බැගින් වසරක කාලයක් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙයි.
ඇතැම් සීමාකාරී සාධක හේතුවෙන් එම වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබීමට සුදුසු දරු දැරියන් රැසකට තවමත් එම ශිෂ්‍යත්ව හිමිකම නොලැබී ගොස් තිබෙනවා වන්නට පුළුවන්. නමුත් ඒ අප සංගමයේ හෝ අනුග්‍රාහක භවතුන්ගේ ගැටළුවක් නිසා නම් නොවේ .
එම නිසා ‘ගජ නැණ සහන’ අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබීමට සුදුසු 2024 සහ 2025 වැනි වසර වලදී අලි-මිනිස් ගැටුම හේතුවෙන් මව, පියා හෝ භාරකරු අහිමිවූ පාසැල් යන වයසේ ආර්ථික අපහසුතා වලට මුහුණදී සිටින දුවා දරුවන්ව ඔබ දන්නේ නම් ඔවුන්ව අප සංගමයට සම්බන්ධකර දෙන්න.
ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ, අලි-මිනිස් සහජීවනය පිළිබඳ උපකමිටුවේ ජයත්‍රි (දුරකථන අංකය: 0741008490) ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර වගේම අයදුම්පත් නොමිලේම, තැපැල් මගින් නිවසටම ගෙන්වාගන්න පුළුවන්.
මෙම පණිවුඩය හැකිතරම් බෙදාහැර අපගේ මෙම ප්‍රයත්නයට ඔබගේ සහය ලබාදෙන්න