දුර්ලභ ඔමුරාගේ තල්මසා ශ්‍රී ලංකා මුහුදෙන් හමුවේ .

දුර්ලභ ඔමුරාගේ තල්මසා ශ්‍රී ලංකා මුහුදෙන් හමුවේ .

 

මෙරට මුහුදු සීමාවේ මෙතෙක් වාර්තා නොවූ දුර්ලභ ඔමුරාගේ තල්මසා (Omura’s whale – Balaenoptera omurai) පළමු වරට හඳුගැනීමට සමුද්‍රජීව විද්‍යාඟ ආශා ඩි වෝස් සමත් වී තිබේ. මීට අදාලව ඇය විසින් රචිත “First record of Omura’s whale, Balaenoptera omurai, in Sri Lankan waters” නම් පර්යේෂණ ලිපිය Marine Biodiversity Records ජර්නලයේද මේවන විට ප්‍රකාශයට පත්කර ඇත .

 

ආශා ඩි වෝස්

සමුද්‍ර ක්ෂීරපායි සතුන් පිළිබඳ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ සිදුකළ පර්යේෂණයකදී  මෙම තල්මස් විශේෂය සොයාගැනීමට Oceanswell ආයතනයේ නිර්මාතෘ සහ සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් සමත්ව ඇත . ඒ 2017 පෙබරවාරි 5 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශයේ Oceanswell ආයතනයේ සාමාන්‍ය තල්මසුන් නිරීක්ෂණ චාරිකාවකදීය . 

ශ්‍රී ලංකාවේ පමණක් නොව මධ්‍යම උතුරු ඉන්දීය සාගර කළාපය තුළ ඔමුරා තල්මසා පිළිබඳ පළමු තහවුරු කළ වාර්තාව මෙය ලෙස සැලකේ.  මෙම තලමසා බහුලව දක්නට ලැබෙන Bryde’s whale ලෙස සැකකළද, පසුව ලබාගත් ඡායාරූප විශ්ලේෂණයෙන් ඔමුරා තල්මසාටම ආවේණික ලක්ෂණ රැසක් හඳුනාගෙන ඇත.

ඒ අතර පහළ හනුවේ අසමමිතික වර්ණ රටාව, හිසේ එක් ප්‍රමුඛ රිජ් එකක්, දකුණු පැත්තේ විශේෂ ‘blaze’ සලකුණ, දෙපසම අසමමිතික chevron රටා සහ දැඩි ලෙස වක්‍ර වූ dorsal fin එක ප්‍රධාන වේ.

ඔමුරාගේ තල්මසා 1970 දශකයේදී Bryde’s whale ගණයට අයත් කුඩා ආකාරයක් (පිග්මි) ලෙස සැලකුණු අතර, 2003 වසරේදී ජපාන විද්‍යාඥයන් විසින් මෙම සත්වයා ස්වාධීන නව තල්මසුන් විශේෂයක් ලෙස විද්‍යාත්මකව හඳුන්වාදෙන ලදී.

ජීවක ජයසිංහ

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.