බලංගොඩ මාවෙලට ආපු අලි .

බලංගොඩ මාවෙලට ආපු අලි .


මාවෙල හා තලකොලහින්න අතර රාත්‍රි කාලයේ වගකීමෙන් පරිස්සමෙන් වැඩ කරන්න.
මොකද මේ අලි මෙහෙම ඉන්නෙ එයාලට යන්න තිබුණු මාර්ගය පසුගියදා ගින්නත් එක්ක අක්‍රමවත් වූ නිසා
මේ අලි ගෙනත් දාපු අලි නෙවෙයි උඩවළවේ ඇත් අතුරු සෙවණින් නිදහස් කල අලිත් නෙවෙයි.
මේ රජවක,හදගිරිය කපුගල තැන්න ආශ්‍රිතව ජීවත් වූ සාමාන්‍ය වන අලි.
පසුගියදා ගින්නෙන් අතරමං වූ අලි රංචුව.
එයාල තාමත් පල්ලම් බැහැල නෑ.

කරුණාකරල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය 
පොලීසිය මැදිහත් වෙන්න.

අලි මිනිස් ගැටුම නැති තැනක නිකරුණේ නව ප්‍රශ්න හදන්න එපා.
අනිවාර්යයෙන්ම ඉදිරි දින කිහිපය තුළ මේ අලින්ට උඩවළවේ ජාතික වන උද්‍යානය හදගිරිය සීමාවෙන් හෝ තැන්නෙන් පහළ නොගියොත් කිරිමැටිතැන්න දක්වා ගොස් ලොකු විනාශයක් වෙනව.

ඒ නිසා මේ නුහුරු අද්දැකීමෙන් අලි මරනයක් හෝ මිනිස් ජීවිතයක් හෝ අකාලයේ මියැදෙන්න ඉඩ දෙන්න එපා.
ඉක්මනින් ඒක වීමට වැඩි ඈතක් නෑ.
අලින්ට ඒ ගිනිගත් භූමිය හරහා තාමත් පහළට යන්න හිතක් නැතිබව නම් මට පැහැදිලිව කියන්න පුලුවන්.
බලධාරීන් මේ ගැන අවධානය යොමු කරන්න.
යමක් උනාම උද්ඝෝෂණය කරල ප්‍රශ්න විසදන්න ගිහිල්ලා වැඩක් නෑ.

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.