පසුගිය ජූලි 21 දින කඳපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලුවී එම රක්ෂිතයේ ගිනි තැබූ සැකකරුවෙකුට නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය රුපියක් ලක්ෂ 4 ක දඩයක් සහ රුපියල් 403,509.22 ක වන්දි මුදලක් ගෙවීමට ගෙවීමට නුවර එළිය මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ .
වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් සැකකරු බැඳුම්කරයක් මත නිදහස් කර ඊයේ (05) නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනා ලදුව මෙම දඩය නියම කර තිබේ.
රක්ෂිතයට ඇතුලු වීම සහ රක්ෂිතයට ගිනි තැබීම යන චෝදනාවන්ට සැකකරු වරද පිළිගත් අතර ඔහුට ඒ වෙනුවෙන් රු.400,00 ක දඩ මුදලක් නියමකරන ලදි . අනතුරුව එම රක්ෂිතයේ ගිනිතැබීම තුලින් හෙක්ටයාරයකට සිදු වු අලාභය වෙනුවෙන් රු.403,509.22ක වන්දි මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස සැකකරුට නියෝග කළාය.
පසුව නුවරඑළිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පැතිර ගිය ගින්න පාලනය කර ඇත . මෙලෙස අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇත්තේ නුවරඑළිය එදිරිසිංහ මාවතේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි