අවාරයේ සිරිපා කරුණාවට සොබාදහමෙන් බාධාවක් .

අවාරයේ සිරිපා කරුණාවට සොබාදහමෙන් බාධාවක් .

  

හැටන්  ශ්‍රී පාද මාර්ගයට පස් කන්දක් කඩාවැඩීමෙන් එම මාර්ගය අවහිරව ඇති බව වාර්තා වේ . 

ශ්‍රී පාද කඳුමුදුනේ ගල් පර්වතයේ වැවී තිබූ ශාක කිහිපයක් එහි පස් තට්ටුව සමග ගැලවී ශ්‍රී පාද මාර්ගයට කඩා වැටීමෙ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙනා බවත්, මේදිනවල ශ්‍රීපාද මළුව අවට පවතින දඩි වර්ෂා සහිත කාලගුණ තත්ත්වය නිසා මෙම තත්ත්වය ඇතෛවී තිබෙනා බවත් නල්ලතන්නිය පොලීසිය පවසයි .  

මෙම මාර්ගයේ මාර්ගයේ මීට ප්‍රථම ශාක සහිත පස් කඳු කඩා වැටුණු ඇහැළ කණුව ආසන්නයේම මෙම පස් කන්දද කඩා වැටී ඇතිබවත්, එම හේතුවෙන් ශ්‍රී පාද මළුවට පිවිසෙන පියගැටපෙළ අවහිරව්ද අති බවත් නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.නිරෝෂන් මාධ්‍යට සඳහන් කළේය .

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයට කඩාවැටුන පස් ඉවත්කළ නොහැකිව ඇති බවත්,  එහෙයින් අවාරයේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටු පහණ හරහා රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාද උඩමළුව දක්වා යැමට හැකි බව ඔහු පවසයි . 

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.