සිංහරාජය අනතුරේ දැමූ යෝෂිතගේ හෝටලය ගැන තවමත් පියවරක් අරගෙන නෑ .

සිංහරාජය අනතුරේ දැමූ යෝෂිතගේ හෝටලය ගැන තවමත් පියවරක් අරගෙන නෑ .

ගාලුමුවදොර අරගල සමයේ අරගල කරුවන් විසින් ගිනි තබනා ලද සිංහරාජය වනාන්තරයේ ගොංගල කඳු වැටියේ පිහිටා ඇති හිටපු ජනාධිපති යෝෂිත රාජපක්ෂ සතු බව පැවසුන හෝටලය පිළිබඳව වත්මන් රජය කිසිම පියවරක් ගෙන නැතිබව ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර පවසයි . සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු පවසනුයේ 2022 අරගල සමයේ සමාජයේ සුලභව කථාවට ලක්වූ මෙම හෝටලය පිළිබඳ වර්තමානයේ කිසිම පියවරක් නොගැනීම හේතුවෙන් සැබැවින්ම මෙම හෝටලය පිළිබඳ පුවත රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට අපහාස කිරීමේ අරමුණින් ගොතනා ලද්දක්දැයි මහජනයා සැක සිතනා බව ඔහු සඳහන් කළේය . මේ එම වීඩියෝව ඇසුරෙන් ලියවෙන ලිපියකි .

 

මහත් ආන්දෝලනයකට ලක්වූ මෙම හෝටලය පිහිටා ඇත්තේ  ජාතික උරුම වන භූමිය තුළ හෝ සිංහරාජ වන රක්ෂිතය තුළ නොව රක්ෂිතයට මායිම් වූ පෞද්ගලික ඉඩමකය . මේ හේතුවෙන් මෙම හෝටලය සිංහරාජ රක්ෂිතය තුළ පිහිටා ඇති බවට ඇතැමුන් නගනා චෝදනාව සාවධ්‍යය. එහෙත් මෙම හෝටලය හේතුවෙන් සිංහරාජය සහ එහි ජෛව විවිධත්ත්වයට බරපතල තර්ජනයක් මතුව ඇත. 2019 වසරේදී සිංහරාජයේ බිම් ප්‍රදේශය හෙක්ටයාර 36000 දක්වා පුළුල් කිරීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වූ අතර එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතුව තිබූ හේස් වත්ත නම් ඉඩමේ අක්කර 1000 ක් සිංහරාජයට ලබාදීමට නියමව තිබුනි . එහෙත් යෝෂිත රාජපක්ෂගේ හෝටලය හේතුවෙන් එකී අක්කර 1000 ක බිම් ප්‍රමාණය අද දක්වාම සිංහරාජයට පවරා දීමට නොහැකිව ඇත . 

මෙම හෝටලය සහ එය පිහිටි ඉඩම දෙනියාය ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ රොෂාන් විජේසිච නැමැත්තාට අයත්ව තිබූ එකකි . එය පසුකාලීනව යෝෂිත රාජපක්ෂ විසින් රුපියක් ලක්ෂ හාරසියයකට මිලට ගෙන ඇති අතර එය මුල් හිමිකරුට බලපෑම් කර සිදුකර ගණුදෙනුවකි . මෙම ඉඩම් ගණුදෙනුව සිදුවන අවස්ථාවේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ බැවින් ඔහු වෙනුවෙන් හෝටලය මිලට ගෙන ඇත්තේ රන්ජිත් සොයිසා නම් පුද්ගලයෙක් නමටය . 

පසු කාලීනව (2011 වසරේදී පමණ ) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතුව තිබී හේස් වත්තට පවරා දී තිබූ අක්කර 1000 ක පමණ ඉඩම් ප්‍රමාණයක් නැවත පවරාගෙන ඇත. ඒ එම ඉඩම යොදාගෙන මෙකී හෝටල් සංකීර්ණය පුළුල් කිරීමේ අරමුණිනි. හෝටලය පුළුල් කිරීමේදී ගොල්ෆ් ක්‍රීඩාංගනයක් ඇතුළු ඉදිකිරීම් ගනනාවක් ඊට එක් කිරීමට නියමිතව තිබුනි. එම හේතුවෙන් සිංහරාජයට ඈදීමට නියමිතව තිබූ අක්කර 1000 ක පමණ බිම් ප්‍රමාණයක් අහිමිව ගිය අතර එය එහි ජෛව පාරිසරික පැවැත්මට දැඩි තර්ජනයක් එක්කර ඇත . එහෙත් 2022 මැයි 9 වනදා ගාළු මුවදොර අරගලය හමුවේ මෙම හෝටලයට ගිනි තබනා ලදි .

 

සිංහරාජයේ ඉහළම ජෛව විවිධත්ත්වය වාර්තා වනුයේ එහි උප කඳුකර වැසි අවනාන්තර ආශ්‍රයෙනි . ඒ අනුව ගොංගල කන්ද මෙන්ම, ඒ අවට ඇති මෝනි සයිඩ්, හඳපාන් ඇල්ල වැනි කළාපයන්ගේ ඉහළ ජෛව විවිධත්ත්වයක් වාර්තාවන අතර, ඒ අතර සිංහරාජයට ආවේණික සත්ත්ව විශේෂ ගනනාවක් වෙයි .මෙතරම් සංකීර්ණ ජෛව කළාපයක පැවැත්මට තරජනයක් එල්ල කරමින් හෝටලයක් ඉදිකිරීම සහ ඊට එරෙහිව තවමත් විධිමත් පියවරක් නොගැනීම බරපතල ප්‍රශ්ණයක් ලෙස පරිසරවේදීහු පෙන්වා දෙති .

මෙම හෝටලයේ වර්තමාන හිමිකාරීත්ත්වය හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් දරණා බව කියවේ.

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.