යාල වසා දමයි . නියඟය නිසා ජලය සොයා යන වන සතුන් දඩයක්කරුවන්ට බිළි.

යාල වසා දමයි . නියඟය නිසා ජලය සොයා යන වන සතුන් දඩයක්කරුවන්ට බිළි.

 

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කළාප අද (14) සිට තාවකාලිකව සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත . ඒ අනුව අද දින සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා වූ මාසයක කාලයක් සඳහා මෙම වසා තැබීම ක්‍රියාත්මක වනු ඇත.

යාල වනෝද්‍යානය තුළ ක්ෂීරපායී විශේෂ 44ක්, පක්ෂීන් 215ක්, උරගයින් 47ක් සහ මතස්‍යය විෂේෂ 21කගේ වාසස්ථානයක් වේ. යාල ජාතික වනෝද්‍යානයේ සංචාරක ආකර්ෂණය වැඩිම කාලය අගෝස්තු සිට මාර්තු දක්වා වන කාලය දැක්වෙයි . එහෙත් එල් නිනෝ තත්ත්වය හේතුවෙන් උත්සන්න වෙමින් පවතින දැඩි නියං තත්ත්වය නිසා සංචාරක සමයට දැඩි බලපම් එල්ල වෙමින් පවතී . එහෙත් පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානයේ ජල මූලාශ්‍ර වේගයෙන් සිඳී යමින් පවතියි . ඊට අමතරව තෘණ භක්ෂකයන්ගේ ආහාර සැපයූ තණ බිම්, ලඳු කලෑ ආදිය නියං තත්ත්වය හේතුවෙන් වියළී යාම නිසා වන සතුනගේ ආහාර සහ ජල අවශ්‍යතා සපුරාගැනිම බරපතල ප්‍රශ්ණයක් බවට පත්ව ඇති බව වනජීවී ආරංචි මාර්ග පවසයි .

ආහාර සහ ජල හිඟය හේතුවෙන් සතුනට සිදුවන පීඩාවන් අවම කිරීම සඳහා සංචාරක සමය බව නොතකා යාල වසා දැමීමට ගත් තීරණය පරිසර වේදීහු අගය කරති .

පවතින නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳීයාම නිසා වනසතුන් වෙනුවෙන් කෘතිම ක්‍රම මගින් ජලය සැපයිමට වනජීවි නිලධාරීහු දැඩි පරිශ්‍රමයක නිරත වෙති . ඒ අනුව මැණික් ගඟේ ස්ථාන 4කින් සූර්ය පැනල මගින් බල ගැන්වෙන වතුර මෝටර යොදාගෙන ලබා ගන්නා ජලය භූගත නළ හරහා වනෝද්‍යානයේ පොකුණු වෙත මුදා හැරීමටද මේ වන විට පියවර ගෙන ඇත.

මීට අමතරව දෛනිකව ලීටර් ලක්ෂ 02ක පමණ ජල ධාරිතාවක් බවුසර් මගින් රැගෙන ගොස් වනෝද්‍යානයේ කෘතිම හා ස්වභාවික පොකුණු පිරවීම ද වනජීවි නිලධාරීහු විසින් සිදුකරති.

කෙසෙ වෙතත් නියං තත්ත්වය නිසා පානීය ජලය සොයා යන වන සතුන් විශාල ලෙස දඩමස් ජාවාරම්කරුවන් වීසින් මරා දමනා බව පරිසර වේදීහු පෙන්වා දෙති. පසුගිය දා මත්තල ප්‍රදේශයේදී ඝතනය කරන ලද මුව මස් විශාල තොගයක් සහ ගිනි අවි කිහිපයක් සමග සැකකරුවන් කිහිප දෙනෙක් අත් අඩංගුවට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සමත්ව ඇත .

 

Leave a Comment

Comments

  • No comments yet. Be the first to respond.