ලොව නන් දෙසින් වාර්තා වන්නේ ජෛව සම්පත් විනාශයන් ගැනය . වනාන්තර, කාන්තාර මෙන්ම සාගර සහ ගංඟා ආදී ජලජ පරිසරයන්ගේද වාර්තාවන අපා දෙපා සිව්පා සතුන් මතු නොව පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් පවා මිහිපිටින් සමුගන්නේ ඔවුන් කවුරුන්දයි හඳුනාගන්නටත් පෙර වීම සබෑම කණගාටුවට කරුණකි . දෛනිකව සැලකිවයුතු පමණින් ජීවීන් මිහිපිටින් තුරන් වෙද්දී අළුතින් සතෙක් හඳුනාගැනීම් වාර්තා වීම අතිශය විරල සිදුවීමකි . පසුගිය දා ලතින් ඇමරිකානු රාජ්‍යක් වන බොලීවියාවෙන් වාර්තා වූ නව සත්ත්ව විශේෂය ගැන මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ලෝක ජෛව දර්ශකය එක ඒකකයකින් ඉහළයාම පවා ඉතා වැදගත් දෙයක් වන බැවිනි .
මෙම නව කැලෑ බළලා ගෘහස්ථ බළලෙකුගේ ප්‍රමාණයට බොහෝ සෙයින් සමානය . මෙම සත්ත්වයා සමාන ලප සහ ඉරි සහිත වෙනත් වන බළල් විශේෂ සමඟ වරදවා වටහා ගැනීම නිසා මෙතෙක් හඳුනා නොගෙන පැවතුණි. ඒහෙත් පරයේෂකයන් තුළ මේ නව විශේෂය නව සත්ත්ව විශේෂයක් බවට කලක් පැවති සෑකය නිසා අවසානයේ DNA විශ්ලේෂණයක සහය පැටහීමට පරයේෂකයන්ට සිදුවිය. එකී විශ්ලේෂණය අවසානයේ බොලිවියාවේ වනාන්තරවලින් හමුවූ මෙම තිත් සහිත බළල් විශේෂයක් නව විශේෂයක් ලෙස තහවුරු කර තිබේ. මෙම නව විශේෂය ලියෝපාර්ඩස් ටිල්කායෝ (Leopardus tilcayo) යන විද්‍යාත්මක නමින් මේවන විටත් නම්කර ඇත .
නමුත් DNA අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ මෙම බළලා සැබවින්ම වෙනස්ම ගණයකට අයත් සත්වයෙකු බවයි . ලොව වඩාත්ම දුර්ලභව දැකගත හැකි ක්ෂීරපායීන් පිළිබඳව තවමත් අප නොදන්නා දේ කොපමණද යන්න මෙයින් මනාව පැහැදිලි වේ.
සිංහයන්, දිවියන් සහ ව්‍යාඝ්‍රයන් වැනි විශාල බළල් විශේෂවලට සාපේක්ෂව මහජන අවධානය ඉතා අඩුවෙන් යොමුවන, දකුණු සහ මධ්‍යම ඇමරිකාවේ වෙසෙන කුඩා වන බළල් විශේෂ සමූහයක් වන 'ටයිගර් කැට්ස්' (tiger cats) හෙවත් ව්‍යාඝ්‍ර බළලුන්ගේ සංරක්ෂණය කෙරෙහි මෙම සොයාගැනීම මගින් අවධානය යොමු වනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තුව පලකරති .
මෙම නව කැලෑ බළලා ටයිගර් කැට්ස් යනු වෙන් හඳුන්වන, කොස්ටාරිකාවේ සිට බොලිවියාව සහ ආර්ජන්ටිනාව දක්වා මධ්‍යම සහ දකුණු ඇමරිකාව පුරා හමුවන කුඩා, තිත් සහිත වන බළල් විශේෂයකට අයටහ් ය. මෙම වර්ගයේ බළල් විශේෂ ගනනාවක් ලතින් ඇමරිකානු කළාපයේ විසිරී සිටිනා අතර, එකී විශේෂ සියල්ලම පාහේ එකිනෙකට ඉතා සමාන පෙනුමක් ඇති බැවින්, විශේෂඥයින්ට පවා ඒවා වෙන්කර හඳුනා ගැනීම අපහසු කාරනාවකි .

" ලියෝපාර්ඩස් ටිල්කායෝ (Leopardus tilcayo) ලෝකයට නව විශේෂයක් ලෙස අහඳුන්වාදීමට ලැබීම ඇත්තෙන්ම පුදුමාකාර සතුටක්" යනුවෙන් බොලිවියාවේ ලා පාස් හි පිහිටි 'Universidad Mayor de San Andres' විශ්වවිද්‍යාලයේ පාවෝලා නොගාලෙස්-අස්කාරුන්ස් (Paola Nogales-Ascarrunz) පැවසුවාය.
"තවමත් සොයා ගැනීමට නව ජෛව විශේෂ ඉතිරිව පැවතීම පුදුම සහගතයි; ඒ සඳහා අපට ගිනිකන්දකට, දූපතකට හෝ ගැඹුරු මුහුදට යාමට අවශ්‍ය නැත."
මෙම විශේෂයට අයත් ජීවමාන සත්වයෙකු ලෙස තහවුරු කර ඇත්තේ එක් අයෙකු පමණි . එම සත්ත්වයා බොලිවියාවේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානයක සිටින බළලෙකි . විශ්ලේෂණය සඳහා වන ජාන පරික්ෂාව සිදුකර ඇත්තේ එම සතාගේ ශෛල ආශ්‍රයෙනි . බොලිවියානු විද්‍යාඥ ආචාර්ය නොගාලෙස්-අස්කාරුන්ස් එම සුරැකුම් මධ්‍යස්ථානයේ ස්වේච්ඡාවෙන් සේවය කරමින් සිටියදී මෙම බළලාගේ අසාමාන්‍ය පෙනුම නිරීක්ෂණය කර ඇත .
මෙම සත්වයා වනාන්තරයේ අතරමංව සිටියදී ප්‍රදේශවාසියෙකුට හමුවී තිබූ අතර, මුලදී ඔහු සිතුවේ එය ගෘහස්ථ බළල් පැටවෙකු බවයි. කෙසේ වෙතත්, සත්වයා වැඩෙත්ම එය ගෘහස්ථ බළලෙකු මෙන් හැසිරෙන්නේ නැති බව පැහැදිලි විය. එහෙයින් මෙම සත්ත්වයා සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානයකට බාර දී ඇත . මෙම පැටවා වනාන්තරකදී සොයාගැනීම නිසා ඒ ප්‍රදේශයේ මෙම වර්ගයේ බළලුන් සිටිනා බව උපකල්පනය කළ හැකි අතර ඉදිරියේදී වනාන්තර තුළින් සොයාගන්නා මේ වර්ගයේ බළලුන්ගේ ජාන මෙම සත්ත්වයාගේ ජාන හා සංසන්දනය කරමින් විශ්ලේෂණය කිරීමට පරයේෂකයෝ බලාපොරොත්තු වෙති .
රටේ 'යුංගාස්' (Yungas) කළාපයේ ඝන වනාන්තරවල කුඩා වල් බළලුන් දැකගත හැකි වූ අවස්ථා පිළිබඳව ආචාර්ය නොගාලෙස්-අස්කාරුන්ස් අසා තිබුණද, විද්‍යාඥයින් විසින් ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු කර නොතිබුණි. එමෙත් සත්ත්ව සුරකුම් මධ්‍යස්ථානයක සිටි බළලාගේ ජාන සකැස්ම නව ජීව විශේෂයක් බව තහවුරු විමත් සමග නව ජෛව විශේෂය වනාන්තරයකින් සොයාගැනීමට දඩි උනන්දුවක් පරිසරවේදීන් තුළ හටගෙන ඇත .
බ්‍රසීලයේ 'Pontifical Catholic University of Rio Grande do Sul' හි සංරක්ෂණ ජාන විද්‍යාඥයෙකු වන එඩ්වඩ්ඩෝ එයිසිරික් (Eduardo Eizirik) මෙමෙ අවිශේෂය හඳුනාගැනීමට පමාවීමට හේතුව ලෙස දකිනුයේ තොරතුරු අල්ප වීමය . "මේවා පිළිබඳ වාර්තා හෝ ඡායාරූප ඉතා අල්ප වන අතර කෞතුකාගාරයක පවා මේවායේ නිදර්ශක දක්නට නැත . එබැවින් කිසිවෙකු ඒ පිළිබඳව සොයා නොබැලූ නිසා මෙම සත්ව විශේෂය සැඟවී පැවතුණි," යනුවෙන් ඔහු පවසයි .
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වනජීවී සංරක්ෂණ පර්යේෂණ ඒකකයේ සම-පර්යේෂක ආචාර්ය කැරොලයින් සාර්ටෝර් (Dr. Caroline Sartor) පැවසුවේ, යම් විශේෂයක් කුමක්ද හෝ එය ජීවත් වන්නේ කොහේදැයි නොදන්නේ නම් එය ආරක්ෂා කිරීම කළ නොහැකි බැවින්, මෙම සොයාගැනීම සංරක්ෂණ කටයුතු සඳහා වැදගත් වන බවයි.
"මේවා ගෘහස්ථ බළලෙකුගේ ප්‍රමාණයට සමාන සතුන් බැවින්, මේ වන විට අප ඒ සියල්ල ගැන දැන සිටිය යුතු යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් ලෝකයේ එතරම් අධ්‍යයනයට ලක් නොවූ ඇතැම් ප්‍රදේශවල තවමත් අනාවරණය කර ගැනීමට බොහෝ ජෛව විවිධත්වයක් ඉතිරිව ඇති බව මෙම සොයාගැනීමෙන් පෙන්වා දෙනවා," යනුවෙන් ඇය පවසන්නීය .
වනාන්තර විනාශය, වාසස්ථාන අහිමි වීම සහ නීතිවිරෝධී දඩයම් කිරීම හේතුවෙන් 'ටයිගර් කැට්' විශේෂ වඳවී යාමේ අවදානමකට ලක්ව ඇතැයි සැලකෙයි .