උත්සන්න වෙමින් පවතින එල් නීනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ලැව්ගිනි පැතිර යාමේ අවධානමක් ඇතිබව වන සංරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි . ඒ අනුව ඊයේ සහ අද දෙදින තුළ බලංගොඩ කල්තොට කඳුවැටියේ කුරගල පුදබිම සමීපයේ සහ වැල්ලවාය කොටිකන්බොක්ක නිට්ටමළුව කන්ද රක්ෂිතය ආශ්‍රිතව කැලෑ ගිනි දෙකක් වාර්තා වී ඇත .
මේ අතරින් කුරගල ගින්න පෙරේදා (11) සිට පැතිර යමින් තිබූ බවත්, එය ශ්‍රි ලංකා යුධ හමුදාවේ 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලකාය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා අද වන විට මුළුමනින්ම පාලනය කර ඇතිබව වාර්තා වේ. එම ගින්නෙන් කුරගල පුදබිම ආශ්‍රිත කඳු මුදුනේ විශාල ගස් ප්‍රමාණයක් මුළුමනින්ම විනාශව අති අතර සැළකිවයුතු ජෛව හානියක්ද සිදුව ඇති බව වාර්තා වේ.
වැල්ලවාය කොටිකන්බොක්ක නිට්ටමළුව කන්ද රක්ෂිතයේ හටගත් ගින්නද මේ වන විට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් මර්ධණය කර ඇත . එහෙත් ගින්න නිසා සැලකිවයුතු හානියක් නිට්ටමළුව කන්ද රක්ෂිතයට සිදුව අති බව වාර්තා වේ.
පවතින අධික වියළි කාලගුණ තත්ත්වය සහ සුළං හේතුවෙන් ලැව්ගිනි මර්ධණය ඉතා අසීරුවී ඇති බවත්, වගකීම් විරහිත මානව ක්‍රියාකාරකම් මේ ආකාරයේ ලැව්ගිනි පැතිර යාමට මූලික හේතුව බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි .